වසර 9 කට පසුව ශ්‍රී ලංකාවට දර්ශනය වු වලයාකාර සූර්යග්‍රහණය නීරීක්ෂණ කඳවුර තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 දෙසැම්බර් මස 26 වන අද දින පෙරවරුවේ යාපනය විශ්ව විද්යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මීට පෙර එවැනි සූර්යග්‍රහණයක් දර්ශනය වූයේ 2010 වර්ෂයේදීය. නැවත මෙවැනි සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දර්ශනය වන්නේ 2031 වර්ෂයේ මැයි 21 දින වන බැවින් මෙය විශේෂ අවස්ථාවක් විය. මෙම සූර්යග්‍රහණය හොඳින්ම දිස් වන්නේ උතුරු ප්‍රදේශයට වන බැවින් එම ප්‍රදේශයේ ස්ථාන කීපයක දී නිරීක්ෂණ කඳවුරු සංවිධාන කර තිබුනි. යාපනය විශ්වවිද්‍යාලය, කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයීය ඉන්ජිනේරු පීඨය සහ මුලතිව් මුහුදු තීරය යන ස්ථාන වල එම කඳවුරු ක්‍රියාත්මක විය.

මෙම අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.රවිරාජන යන මහත්වරුන්ද එක්ව සිටියහ.

1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1