නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගිය 14 දින සිය රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළාය. ඉන් අනතුරුව ඇය බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි පර්යේෂණ හා නව නිපැයුම් අංශයේ නිලධාරීන් සමග අමාත්‍යාංශයේ විෂය පථය සහ ඉදිරි සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය. එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරිය නිලධාරීන් අමතා මෙසේ පැවසීය.නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගිය 14 දින සිය රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළාය. ඉන් අනතුරුව ඇය බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි පර්යේෂණ හා නව නිපැයුම් අංශයේ නිලධාරීන් සමග අමාත්‍යාංශයේ විෂය පථය සහ ඉදිරි සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය. එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරිය නිලධාරීන් අමතා මෙසේ පැවසීය.
"මෙම අමාත්‍යාංශයට රටේ ඊලඟ දශකය බාරවී හමාරයි. මෙම රට අනාගතයේ යන තැන තීරණය කරන සුවිශේෂී අමාත්‍යාංශය මෙයයි. එසේම ඉදිරි දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපතිතුමා විසින්එ තුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබෙනවා. එම දැක්ම යථාර්ථයක් බවට පත් කරන්නට මෙම සියලුම ආයතන කළමණාකරණය කරමින් අමාත්‍යාංශය මෙහෙයවීමට කටයුතු කරනවා. ඒ සඳහා මෙම ක්ෂේත්‍රයේ ඔබ සතු වෘත්තීය ඉතා වැදගත් වෙනවා. ඵලදායී පුරවැසියෙක් - සතුටින් සිටින පවුලක් - විනයගරුක සමාජයක් තුළින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනය සහ අධ්‍යාපනය තුළින් ගොඩනැගෙන නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුවක් සහ නිවැරදි දැක්මකින් සපිරි ඵලදායී තරුණ සමාජයක් නිර්මාණය කිරීම අපේ වගකීමක් වෙනවා".
මේ අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් චින්තක ලොකුහෙට්ටි, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරවල කටයුතු කරන නන්දනී සමරවික්‍රම, සමන් පෙරේරා, දීපා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ.




