ශ්රී ලංකාව ප්රථම වරට සත්කාරකත්වය සපයන ලෝක CIO 200 සමුළුව - 2026 මහා අවසන් මහා තරගයේ (World CIO 200 Grand Finale 2026) සමාරම්භය සනිටුහන් කරමින් පළමු විශේෂාංගය ලෙස "CIO Tech Marathon 2026" තරඟය 2026 සැප්තැම්බර් 22 දින පස්වරුවේ විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් කොළඔ නිදහස් චතුරස්රය පරිශ්රය අසලින් ආරම්භ විය.
ලොව පුරා රටවල් 50ක් නියෝජනය කරමින් තරඟකරුවන් විශාල පිරිසක් මෙම තරගය සඳහා එක්ව සිටි අතර එක්සත් අරාබි එමීර් රාජ්යයේ (UAE) ශ්රී ලංකා තානාපතිනිය ආචාර්ය අරුෂා කුරේ, විද්යා හා තාක්ෂණ අමාත්යාංශ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක, ඩුබායි හි ශ්රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර, Global Enterprise Connect හි ප්රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ රොනැක් සමන්තරායි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සමාරම්භක අවස්ථාවට එක් වූහ











