-
ඔබ මෙතැනය:
-
මුල් පිටුව
-
විද්‍යා හා තාක්ෂණ ප්‍රගතිය - 2017
2017 දී රජයේ මුදල් ප්‍රතිපාදන විද්‍යා හා තාක්ෂණ ප්‍රවර්ධන කටයුතු ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යංශය හා එහි ආයතන වෙත යොමු කෙරේ
- ප්‍රධාන වශයෙන් රෝග නිධානය සොයානොගත් නිදන්ගත වකුගඩු රෝගය සහ වෙනත් බෝනොවන රෝග පිලිබඳ පර්යේෂණ පහසුකම් සැපයීම සඳහා ජාතික විද්‍යා පදනම වෙත(NSF) මුදල් ප්‍රතිපාදන ලබාදීම. රුපියල්. මිලියන 100 ක්.
- වානිජකරණයේ අවසන් අදියරේදී මුල්‍ය සහාය දීම සඳහා නවෝත්පාදන කඩිනම් කරවීමේ අරමුදල ඉදිරියට ගෙන යාම. ප්‍රතිපාදන - රු. මිලියන 100 ක්
- ජෛව තාක්ෂණික නවෝත්පාදන උද්‍යානයක් පිහිටුවීම හරහා ඖෂධ කර්මාන්තයේ, ජානවිද්‍යා කර්මාන්තයේ නියුක්ත සමාගම් සඳහා පහසුකම් සපයනු ඇත. එය රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතා පදනමක් මත විද්‍යාත්මක, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (COSTI) මූලිකත්වයෙන් ක්‍රියාත්මක වනු ඇත. භුමිය වෙන්කර දීම සහ විදුලිය ජලය වැනි උපයෝගිතා සේවාවන් රජය විසින් වෙන් සපයා දෙනු ඇත. ප්‍රතිපාදන රුපියල් මිලියන 100.
- රොබෝ තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතම කේන්ද්‍රයේ(CERA) කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම. ප්‍රතිපාදන - රු. මෙම මධ්‍යස්ථානය සඳහා මිලියන 50 ක්..
- ශ්‍රී ලංකා නිතිනි තාක්ෂණ ආයතනය (SLINTEC) සඳහා මුදල් වෙන් කිරීම. රුපියල්. මිලියන 1150 ක්
- කාර්මික තාක්ෂණ ආයතනයෙහි ඖෂධ විද්‍යාගාරය පුළුල් කිරීම සඳහා මුදල් වෙන් කිරීම - රු. මිලියන 150 ක්
- රු.බිලියන 5 ක ආරම්භක ප්‍රාග්ධනයක් සහිත අරමුදලක් පිහිටුවීම හරහා නිෂ්පාදන සැලසුම් ඉංජිනේරු (PDE) ක්ෂේත්‍රයේ නියැදි ව්‍යවසායකයින්ට සහාය ලබා දෙමින් ඇපකර සමඟ ණය ලබා දීම.ප්‍රතිපාදන - රු. මිලියන 500 ක්
- නැණසල සමග ඒකාබද්ධව දිස්ත්‍රික් 05ක් තුල රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිතා පදනම යටතේ තාක්ෂණ බීජෞෂනාගර පිහිටුවා එය 2020 දී දිස්ත්‍රික් 25ටම ව්‍යාප්ත කිරීමේ සැලැස්ම - ප්‍රතිපාදනය රු. මිලියන 100 ක්.