stemවිද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධාන කළ STEM අධ්‍යාපනය නගා සිටුවමින් ප්‍රචලිත කිරීමේ පළමු සමුළුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.06.28 දින කොළඹ Global Tower හෝටලයේදී පැවැත්විණි.

dsc 5572තිරසාර ජාතික සංවර්ධනයක් සඳහා විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදනයන් භාවිතයට ගැනීම යන තේමාවෙන් ශ්‍රී ලාංකීය කර්මාන්ත ක්ෂේත්‍රය සහ යටිතල සංවර්ධන වැඩසටහන් සඳහා උසස් තාක්ෂණයන් හඳුන්වාදීමේ අරමුණින්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන සමාජ මෙහෙවර උදෙසා විද්‍යා හා තාක්ෂණ ශ්‍රී ලංකා සම්මන්ත්‍රණය -2016 ගරු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

03විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුම සකස් කිරීමේ සමුළුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2017.06.23 සහ 24 දිනවල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

01වත්මන් රජයේ තිරසාර සංවර්ධන වැඩසටහනට සමගාමීව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන "ගමට තාක්ෂණය" සංකල්පය යටතේ ඉදිකරනු ලැබූ පාදුක්ක, නව විදාතා මධ්‍යස්ථානය විවෘත කිරීම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වයෙන් පාදුක්ක ගලගෙදරදී 2017.03.06 දින සිදුවිය.

The Hon. Minister of Science, Technology and Research Mr. Susil Premajaytha addressed the event on Wednesday 3 May 2017 in Geneva, to mark the visit to CERN by the first scientific delegation from Sri Lanka comprising 5 Sri Lankan physicists representing universities of Sri Lanka from 3-5 May 2017.