ශ්‍රී ලංකා නැගෙනහිර  විශ්ව විද්‍යාලය ආශ්‍රිතව තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථානයක් (Technology Incubation Centre) ආරම්භ කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ නැගෙනහිර  විශ්ව විද්‍යාලයේ  අවධානය යොමු වී තිබේ. ඒ පිළිබඳ මූලික සාකච්ඡාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව නැගෙනහිර  විශ්ව විද්‍යාලයීය තාක්‍ෂණ උද්‍යානයේ දී පසුගිය දා පැවැත්විණි. එක් රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ආශ්‍රිතව තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කිරීමේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයීය යෝජිත වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන තිබේ.

නවීන කාර්මික උපකරණවලින් සමන්විත පහසුකමක් වන මෙම තාක්‍ෂණ බීජෞෂණ මධ්‍යස්ථානය විද්‍යාඥයින්, පර්යේෂකයින්, , උපාධිධාරීන්, පර්යේෂණ අභ්‍යාසලාභීන් සඳහා පර්යේෂණ පහසුකම් ලබාදෙන නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ  නව අදහස් මූලාකෘති බවට පත් කිරීමට, CAD/CAM සහිත සැලසුම් පහසුකම්, නවීන CNC යන්ත්‍ර සහිත නිෂ්පාදන පහසුකම්, ව්‍යාපාර සැලසුම් සංවර්ධනය කිරීමට සහ බුද්ධිමය දේපල ගැටළු පිළිබඳ උපදේශනය සඳහා සහාය ලබා දෙන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කෙරේ .

නැනෝ ද්‍රව්‍ය සංස්ලේෂණය, උසස් සංයුක්ත ද්‍රව්‍ය, නැනෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ආහාර විද්‍යාව සහ තාක්ෂණය, කෘෂි තාක්ෂණය, ජෛව වෛද්‍ය යෙදුම් වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල පර්යේෂණ මෙම මධ්‍යස්ථානය තුළ සිදු කිරීම පිළිබඳව විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ අවධානය යොමු වී තිබේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මෙම වසර ඇතුළත මෙම තාක්‍ෂණ බීජෞෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කරන බව මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරය ප්‍රකාශ කළේය. විශ්ව විද්‍යාල ආශ්‍රිතව සිදුකරන උසස් පර්යේෂණ, නවෝත්පාදන අත්හදා බැලීම් සඳහා මෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ගොවිතැන ආශ්‍රිත ව්‍යාපාර දියුණු කිරීම ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසයකයින් ශක්තිමත් කිරීම වෙනුවෙන්ද එකී මධ්‍යස්ථාන යොදා ගැනීමටත් අවධානය යොමු කර තිබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව  නිවැරදි  තාක්ෂණ දැනුම ලබා දීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බිහිකිරීම, දැනටමත් කර්මාන්තයන්හි නියැලී සිටින ව්‍යවසායකයන් නව තාක්ෂණ දැනුමෙන් සන්නද්ධව ඉහල තලයකට ඔසවා තැබීම, ගුණාත්මක අපනයන තත්වයේ නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදේශනයන් ලබා දීම ආදී අරමුණු වෙනුවෙන් ද මෙම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනගසාමි ප්‍රභූ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ.මුරලිදරන්, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පී.පෙරතීපන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

මාධ්‍ය ඒකකය

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය

Image 1
Image 2
Image 3
Image 4

ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව  අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දින චීනයේ චෙන්ග්ඩු හිදී සිදුකෙරිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ චීන රජය වෙනුවෙන් චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය  යින් හෙජුන් (Yin Hejun) මහතා මෙම ගිවිසුමට අත්සන් තැබීය.  දෙරටෙහි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයන් මෙම ගිවිසුමට වගකීමෙන් බැඳී සිටින පාර්ශ්වකරුවන් ලෙස නම් කර තිබේ.

  • දෙරටෙහි විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය දිරිගැන්වීම සහ ඒ සඳහා සහය ලබා දීම,
  • තිරසර සංවර්ධනය, තාක්ෂණික නවෝත්පාදන සඳහා විශේෂ අවධානය යොමු කිරීම හා දේශගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ ජෛව විවිධත්ව සංරක්ෂණය වැනි ගෝලීය අභියෝගයන්ට විසඳුම් සෙවීම.
  • සමානාත්මතාවය, අන්න්‍යොන්‍ය ප්‍රතිලාභ සහ අන්න්‍යොන්‍ය එකඟතාවය මත දෙපාර්ශ්වය අතර විද්‍යාව හා තාක්ෂණය හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම ප්‍රවර්ධනය.

යන අරමුණු ඉටුකරගැනීමට මෙම ගිවිසුම මගින් අපේක්ෂා කෙරේ.

ආහාර, කෘෂිකර්මාන්තය සහ ජෛවතාක්ෂණය, දේශගුණ විපර්යාස සහ ජෛව විවිධත්වය, සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව, උසස් ද්‍රව්‍ය හා නැනෝ තාක්ෂණය, සහ කෘත්‍රිම බුද්ධිය හා ඩිජිටල් පරිවර්තනය  යන සහයෝගීතා ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතා වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරේ.

මාධ්‍ය ඒකකය

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය

Image 1
Image 2

ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන භූ දර්ශනය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීන්,  මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර උපායමාර්ගික හමුවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය  වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  පසුගියදා පැවැත්විණි.

වෛද්‍ය අංශයේ නවෝත්පාදනයන් වැඩි දියුණු කිරීම උදෙසා  විශ්ව විද්‍යාල සහ රජයේ පර්යේෂණ සහ සංවර්ධන ආයතන අතර පුළුල් සහයෝගීතාවයක් වර්ධනය කිරීම මෙම රැස්වීමේ අරමුණ විය. පර්යේෂණ සඳහා ලබාදෙන අරමුදල් වැඩි කිරීම, සෞඛ්‍ය සේවා සඳහා යෙදුම් (apps) සංවර්ධනය, වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කිරීම, විදේශ  ප්‍රදාන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු පුළුල් පරාසයක තීරණාත්මක මාතෘකා මෙහිදී සාකච්ජාවට බඳුන් විය.

ජාතික පර්යේෂණ සභාව (NRC), නවීන තාක්ෂණය පිලිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය (ACCIMT), ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (SLIBTEC) සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) වැනි ආයතන ජෛව වෛද්‍ය නවෝත්පාදනයට සහාය වීම සඳහා ඔවුන් සතුව පවතින ශක්‍යතාවන් ඉදිරිපත් කළ අතර පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා සහාය, උපකරණ අලුත්වැඩියාව සහ NGS අනුක්‍රම නිර්ණය වැනි ක්ෂේත්‍රවල හවුල්කාරිත්වයන් ස්ථාපනය කරගනු පිණිස  විශ්ව විද්‍යාල සඳහා ඇරයුම් කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා,

ඒකාබද්ධ පර්යේෂණ සඳහා සංවිධානාත්මක වේදිකා ස්ථාපිත කිරීමේ වැදගත්කම, පර්යේෂණ ප්‍රදාන ලබාගැනීම සඳහා වැඩි ප්‍රවේශයක් සලසා දීම සහ සංවර්ධන ප්‍රමුඛතා  සමඟ අනුකූලත්වය දක්වන ජාතික පර්යේෂණ වැඩසටහනක අවශ්‍යතාව අවධාරණය කරන ලදි. විදේශ පර්යේෂණ ප්‍රදාන සහ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ ක්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා අමාත්‍යාංශ සහ විශ්ව විද්‍යාලයන්හි අදාළ පාර්ශ්වකරුවන් ඇතුලත් ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට ඔහු යෝජනා කළේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු,

"මෙම සහයෝගීතාවය විද්‍යාව පිළිබඳව පමණක් නොවේ - එය අපගේ ජාතියේ අනාගත සෞඛ්‍ය සහ ආර්ථික යහපැවැත්ම සුරක්ෂිත කිරීම පිළිබඳවද ඉලක්ක වේ. තිරසාර හවුල්කාරිත්වයන් සහ ආයතනික නවෝත්පාදනයන් හරහා අපි, ශක්තිමත්, වඩාත් සම්බන්ධිත පර්යේෂණ පරිසර පද්ධතියක් සඳහා අඩිතාලම දමමින් සිටිමු " යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය තාක්ෂණ තක්සේරුකරණ (HTA) ඒකකයක් සහ අභ්‍යන්තර ආචාර ධර්ම සමාලෝචන කමිටුවක් ස්ථාපිත කිරීමට මූලික සැලසුම් මෙහිදී සකස් කෙරිණි. අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධ කරගැනීම පිලිබඳ  තොරතුරු බෙදා හැරීමට අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබන බවත් ,  ආයතනික වශයෙන් එල්ලවන බාධක සඳහා විසඳුම් ලබා දීමට සමත්  , සිසුන්ගේ නවෝත්පාදනයන්ට සහාය පල කෙරෙන  සහ වෛද්‍ය තාක්‍ෂණය ක්ෂේත්‍රයේ  රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කෙරෙන  යෝජනා අමාත්‍යාංශය වෙත ඉදිරපත් කරන ලෙසත්  අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කෙරිණි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල් මොහොමඩ් නවාවි මහතා ඇතුළු අමාත්‍යාංශයේ අනුබද්ධ ආයතන නිලධාරීන්,  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විද්‍යාජෝති, මහාචාර්ය වජිර දිසානායක මහතා, රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නිත්‍ය සිල්වා

ගරු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්

Image 1
Image 2
Image 3
Image 4

The Minister of Science and Technology, Professor Chrishantha Abeysena, along with the Secretary, Y.L. Mohamed Nawawi, and key officials from the Ministry, conducted an official visit today to the Industrial Technology Institute (ITI), the National Research Council (NRC), and the Planetarium.

The visit aimed to evaluate the institutions' accomplishments, explore their strategic plans for the upcoming years, and understand the challenges they are currently facing.

Discussions during the visit highlighted the vital role these institutions play in driving Sri Lanka's scientific and technological advancements. The Minister emphasized the Ministry’s commitment to addressing the obstacles identified and fostering an environment of innovation and development.

This initiative is part of the Ministry’s broader efforts to strengthen collaboration with key research and development institutions to accelerate national progress.

 

Image 1
Image 2
Image 3
Image 4
Image 5
Image 6