ශ්‍රී ලංකා ජනරජය හා කොරියානු සමූහාණ්ඩුව අතර ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ උචිත තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්තිය සනිටුහන් කිරීමේ අවස්ථාව, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ලී හියොං මහතාගේ විශේෂ සහභාගිත්වයෙන් අද දින (2019.12.10 දින) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදුකෙරිණි.

 

ශ්‍රී ලංකාව තාක්ෂණය පදනම් වූ දියුණු රටක් බවට පරිවර්තනය කිරීම සඳහා විශේෂඥ විද්‍යාත්මක දැනුම උපයෝගී කරගන්නවා. - අමාත්‍ය තිලංග සුමතිපාල.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පර්යේෂණ සභාව විසින් සංවිධාන කළ විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සහභාගිත්වයෙන් 2019.08.26 කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධාන කළ 2017 සහ 2018 වර්ෂ වෙනුවෙන් ප්‍රමිතියේ විශිෂ්ටයින් ඇගයූ ජාතික තත්ත්ව සම්මාන උළෙල විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සහභාගීත්වයෙන්, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.08.21 දින පස්වරුවේ නෙළුම් පොකුණ ජාතික රඟහලේ දී පැවැත්විණි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික විද්‍යාඥ පිරිසක් විසින් පළමුවරට අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගෙන ඇත.