ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තිමය හා උපාය මාර්ගික කරුණු ඇතුලත් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසත් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ආයතනයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින (18) රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
විශේෂයෙන්ම එම ආයතනයේ පුහුණුව ලබන සිසුන්ගේ වෘත්තීය පුහුණුව ගුණාත්මක ලෙස ඉහල නැංවීමට අදාල වන ගැටළු පිළිබඳව මෙන්ම ආයතනික ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙබඳු ආයතන දුෂ්කර පළාත්වලටද ව්‍යාප්ත කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද, ප්‍රකාශ කළාය.
“නිපුණතා සංවර්ධනට සහ වෘත්තීය පුහුණුවට අදාල පැහැදිලි ඉලක්ක කීපයක් අපට ලබා දී තිබෙනවා. එහි දී වැඩි අවධානයක් මෙම ආයතනයට යොමු වී තිබෙනවා. එම ඉලක්ක අප සපුරාගත යුතුයි. ඒ නිසා රටේ දුෂ්කර ප්‍රදේශ වලටත් මෙම ආයතනය ව්‍යාප්ත කළ කරනවා. විශේෂයෙන් මෙම ආයතනයට ඇති ඉල්ලුම වැඩි කළ යුතුයි. ඒ සඳහා පාසල් අධ්‍යපනයෙන් බැහැර වන නිපුණතාවක් නොමැතිව සමාජගත වන තරුණ පිරිස ආකර්ෂණය කර ගැනීමට අවධානය යොමු කළ යුතුයි.”
රටේ විවිධ පළාත්වලට ගැළපෙන ආකාරයෙන්, ප්‍රාදේශීය විෂමතාවයන් හඳුනාගනිමින් කටයුතු කළ යුතු ආකාරයත්, ඇතැම් ප්‍රතිපත්තීන් එයට ගැළපෙන ආකාරයෙන් සංශෝධනය කොට ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාවන් පිළිබඳවත් සොයාබලා කඩිනම් වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසත් අමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
ගැලරිය බැලීමට මෙහි ක්ලික් කරන්න >>
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගිය 14 දින සිය රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළාය. ඉන් අනතුරුව ඇය බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි පර්යේෂණ හා නව නිපැයුම් අංශයේ නිලධාරීන් සමග අමාත්‍යාංශයේ විෂය පථය සහ ඉදිරි සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය. එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරිය නිලධාරීන් අමතා මෙසේ පැවසීය.නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගිය 14 දින සිය රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළාය. ඉන් අනතුරුව ඇය බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි පර්යේෂණ හා නව නිපැයුම් අංශයේ නිලධාරීන් සමග අමාත්‍යාංශයේ විෂය පථය සහ ඉදිරි සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය. එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරිය නිලධාරීන් අමතා මෙසේ පැවසීය.
"මෙම අමාත්‍යාංශයට රටේ ඊලඟ දශකය බාරවී හමාරයි. මෙම රට අනාගතයේ යන තැන තීරණය කරන සුවිශේෂී අමාත්‍යාංශය මෙයයි. එසේම ඉදිරි දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපතිතුමා විසින්එ තුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබෙනවා. එම දැක්ම යථාර්ථයක් බවට පත් කරන්නට මෙම සියලුම ආයතන කළමණාකරණය කරමින් අමාත්‍යාංශය මෙහෙයවීමට කටයුතු කරනවා. ඒ සඳහා මෙම ක්ෂේත්‍රයේ ඔබ සතු වෘත්තීය ඉතා වැදගත් වෙනවා. ඵලදායී පුරවැසියෙක් - සතුටින් සිටින පවුලක් - විනයගරුක සමාජයක් තුළින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනය සහ අධ්‍යාපනය තුළින් ගොඩනැගෙන නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුවක් සහ නිවැරදි දැක්මකින් සපිරි ඵලදායී තරුණ සමාජයක් නිර්මාණය කිරීම අපේ වගකීමක් වෙනවා".
මේ අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් චින්තක ලොකුහෙට්ටි, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරවල කටයුතු කරන නන්දනී සමරවික්‍රම, සමන් පෙරේරා, දීපා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ.
තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, රොබෝ තාක්ෂණය සදහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (CERA) තුළ දැනට පවතින අඩුපාඩු සකස් කර උපරිම දියුණු තත්වයකට එම මධ්‍යස්ථානය පරිවර්තනය කිරීමේ අරමුණ ඇතිව එහි නිරීක්ෂණ චාරිකාවක් සඳහා කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පසුගිය දින සහභාගී විය.
කාර්මික අපනයන මණ්ඩල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන රොබෝ තාක්ෂණ විශිෂ්ඨතා මධ්‍යස්ථානයේ කටයුතු පුළුල් කිරීමට රජය සූදානම්ව ඇති අතර, මූලිකව එය ස්ථාපිත කර ඇති සම්පූර්ණ භූමියටම ප්‍රධාන සංවර්ධන සැලැස්මක් සැකසීමට මෙහි දී එකඟතාව පළවිය. රොබෝ තාක්ෂණය මෙරට කර්මාන්ත සංවර්ධනයට වැඩි වශයෙන් යොදාගැනීමත්, එම කර්මාන්ත වලට අවශ්‍ය මූලාකෘති (prototype) නිෂ්පාදනය කිරීමත්, ඒ තුළින් විශාල වශයෙන් නිෂ්පාදන කරා යෑමත් අරමුණ බව අමාත්‍ය තිලංග සුමතිපාල අමාත්‍යවරයා මෙහිදී පැවසීය. හැකි ඉක්මනින් මෙම ආයතනය සඳහා ආයෝජනය කළ මුදලින් උපරිම ප්‍රයෝජනයක් ගැනීම සඳහා ඒ මගින් රජයේ සහ පෞද්ගලික අංශයේ නිෂ්පාදන ධාරිතාවන් ඉහළ නංවා ගැනීමට අරමුණු කරන බවද ඔහු පැවසීය.

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලාංකීය දැව හා දැව ආශ්‍රිත කර්මාන්තය උසස් තාක්ෂණික ගෝලීය අපනයන වෙළෙඳපොළ දක්වා රැගෙන යාමත්, නවෝත්පාදනය හරහා දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශිෂ්ඨත්ව මධ්‍යස්ථානයක් බවට මොරටු ප්‍රදේශය පත් කිරීමේ පළමු පියවර ලෙස මෙරටුව දැව කර්මාන්තයේ අනන්‍යතාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් “මොරටු ලී” සන්නාමය එළිදැක්වීම තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු තිලංග සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුබැද්ද, ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පරිශ්‍රයේ දී සිදුකෙරිණි.
ලාංකීය දැව කර්මාන්තය සඳහා අගය එකතු කිරීමේ අරමුණෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI), මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සහයෝගීතාවෙන් මෙම දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානය (TDIC) සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය (TPIC) ස්ථාපනය කිරීමට නියමිතය. මෙම මධ්‍යස්ථාන සාර්ථක අයුරින් ක්‍රියාත්මක වීමෙන් ශ්‍රී ලාංකීය දැව හා දැව පදනම් කරගත් නිෂ්පාදන හා නවෝත්පාදන නිර්මාණයන් තරගකාරී නවීන ගෝලීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට හැකියාව උදාවන අතර, ශ්‍රී ලාංකීය දැව කර්මාන්තයේ උන්නතිය සඳහා අංග සම්පූර්ණ සේවා සපයන මධ්‍යස්ථාන ලෙස ද මේවා ඉදිරි අනාගතයේ දී ක්‍රියාත්මක වනු ඇත.

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය සමග එක්ව, ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ සහ ජපාන පේටන්ට් බලපත්‍ර කාර්යාලයේ සහයෝගීතාවෙන් සංවිධාන කළ පේටන් බලපත්‍ර සෙවීම පිළිබඳ නිපුණතා සංවර්ධන සහ පුහුණු වැඩමුළුව අද දින තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ලෝක බුද්ධිමය දේපල කාර්යාලය විසින් 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී ආරම්භ කරනු ලැබූ වසර 6ක කාල සීමාව කින් යුතු Enabling IP Environment (EIE) ව්‍යාපෘතිය යටතේ මෙම වැඩමුළුව සංවිධාන කෙරිණි. බුද්ධිමය දේපළ පිළිබඳ ප්‍රතිපත්ති සංවර්ධනය, තාක්ෂණික බලපත්‍ර ලබාදීම, තාක්ෂණික ඇගයීම, අලෙවිකරණය යනාදිය ඇතුළත් බුද්ධිමය දේපළ මත පදනම් වූ තාක්ෂණ පැවරුම් පිළිබඳ පුහුණු වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුකෙරේ.




පුවත් සහ සිදුවීම්
- Citizen Science Cell - හත්වෙනි පැය | Hathweni Peya – (2026-03-24) | ITN News
- "පුරවැසි විද්‍යා ඒකකය" (Citizen Science Cell) පිහිටුවීමේ සමාරම්භක උත්සවය
- Workshop on “Using Artificial Intelligence for Office Work” - 06th March 2026
- Incubation Centers - හත්වෙනි පැය | Hathweni Peya – (2026-02-24) | ITN News




