උපාධි තත්ත්වය පිරිනැමීම දක්වා වැඩි දියුණු කිරීම ඇතුළුව SLIATE ආයතනයේ අනෙකුත් කටයුතු වලදී ගතානුගතිකව නොසිතන ලෙසත් නූතන ක්‍රමවේදයකට අනුගත ව අවබෝධයෙන් ඉදිරියට යාමට එක්වන ලෙසත් තාක්ෂණ හා නවෝත්පාදන ගරු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා SLIATE සිසුන්ගෙන් ඉල්ලීමක් කළේය. දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කටයුතු පිළිබඳව නිරීක්ෂණය සඳහා එම ආයතනයට ගිය අවස්ථාවේදී ශිෂ්‍ය සංගම් නියෝජියන් හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. තවදුරටත් ඔහු මෙසේ ද පැවසීය.
“මෙම ආයතනය උපාධි තත්ත්වය පිරිනැමීම දක්වා දියුණු කිරීමේ දී, මුලින්ම SLIATE පනත සංශෝධනය කළ යුතුයි. විශ්වවිද්‍යාල වරම් නොලබන ඉහල ප්‍රතිඵල සහිත දරුවන්ට ඉදිරි මාවතක් විවර කර දීමයි මෙම ආයතනයේ අරමුණ. ආයතනයේ ගුණාත්මක බව ඉහල දමන අපේ වැඩපිළිවෙළේ දී අපි අධ්‍යාපනය පෞද්ගලිකකරණය සඳහා ක්‍රියාකරන බවට සිසුන් තුළ චකිතයක් ඇති වෙලා තිබෙනවා. කිසිසේත්ම එවැනි දෙයක් සිදුවන්නේ නැහැ. ඉදිරියේ සිදුකරන සෑම දෙයක් ගැනම විනිවිදව ඔබව දැනුවත් කරනවා. උපාධියක් පිරිනැමීම දක්වා ආයතනය දියුණු කරන විට ආයතනය ලෝකයට විවෘත කළ යුතුයි. ලෝකයේ රැකියා ඉල්ලුමට සරිලන දැනුම ලබාදෙන ආයතනයක් නිර්මාණය කිරීමයි අපිට අවශ්‍ය. ඒ සඳහා ජාත්‍යන්තරව හුවමාරු වන දැනුම ඉතා වැදගත්. ලබාදෙන උපාධියේ අගය තීරණය වන්නේ ඒ අනුව. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේම පර්යේෂණ පදනම් තාක්ෂණ විශ්වවිද්‍යාල දක්වා දියුණු කිරීමේ අදහස අපි තුළ තියෙනවා. මෙම ආයතන පද්ධතිය දියුණු කිරීමේදී අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රතිලාභද, භෞතික සම්පත් ද වැඩිවිය යුතුයි. එනිසා සියලු බර රජයටම පැවරීමෙන් තොරව, ආයතනය මගින් යම් මුදලක් ඉපයීම පිළිබඳත් කල්පනා කළ යුතුයි. අධ්‍යාපනය හදාරන සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි ඒ සදහා ඉදිරි සංවර්ධන සැලසුමක් අපි ක්‍රියාත්මක කරනවා.”
SLIATE අධ්‍යාපන ආයතන පද්ධතිය තුළ ඉගෙනුම ලබන බහුතරය ධනවත් පවුල්වලට අයත් නොවන බැවින් සිසුන්ගේ නිදහස් අධ්‍යාපන සුරක්ෂිතතාව තහවුරු කෙරෙන ආකාරයට ආයතනය වැඩිදියුණු කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශිෂ්‍ය සංගම් නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර සිටියහ.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා, SLIATE උසස් නිලධාරීන් සහ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂිකා එස්.එස්. සමරක්කොඩි මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.




උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නිර්මාතෘවරයෙක් හා සම්මානනීය ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ විසිපස් වන ගුණ සමරුව වෙනුවෙන් ජාතික මූලික අධ්‍යයන ආයතනය සංවිධාන කළ සිරිල් පොන්නම්පෙරුම අනුස්මරණ බහුවිෂයානුබද්ධ පර්යේෂණ පිළිබඳ අන්තර්ජාතික සමුළුව ජනවාරි 21 දින උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණ හා නවෝත්පාදන ගරු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර දී පැවැත්විණි. දෙස් විදෙස් විද්‍යාඥයින් රැසක් සහභාගී වූ මෙම සමුළුවේ ප්‍රධාන දේශනය මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් පවත්වන ලදි. පර්යේෂණ සමුළුවට සමගාමීව මූලික අධ්‍යයන ආයතනයේ ශ්‍රවණාගාරය, මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ශ්‍රවණාගාරය ලෙස නම් කිරීමත්, එම ආයතනයේ උසස් වියළිකෝෂ බැටරි පර්යේෂණාගාරය විවෘත කිරීමත් සිදුවිය.




මෙරට විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පිළිබඳ ප්‍රමුඛතම ප්‍රතිපත්ති සම්පාදන හා උපදේශන ආයතනය ලෙස සැලකෙන උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා හා තාක්ෂණ කෙමිෂන් සභාවේ (NASTEC) නව සභාපතිනිය ලෙස පත් වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය අද දින (16) මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනය මධ්‍යයේ සිය ධූරයේ නිල රාජකාරි ආරම්භ කළාය. තාක්ෂණ හා නවෝත්පාදන ගරු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල, අමාත්‍ය මණ්ඩල ලේකම් එස්. අමරසේකර, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි යන මහත්වරුන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සර ඇති මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය මීට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වැනි ධූරවල ද කටයුතු තිබේ.




උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහනුවර ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට අනුබද්ධව දඹවෙල ඉදිකරන ලද මහල් හයකින් යුතු අධ්‍යයන ගොඩනැගිල්ල විවෘත කර සිසු අයිතියට පැවරීම, තාක්ෂණ හා නවෝත්පාදන ගරු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 21 දින සිදුකෙරිණි.




ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නව සභාපති ධුරයට තෝරා පත් කරගත් මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය එම ධුරයට නිල වශයෙන් පත්කිරීම තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාමඩා හෝටලයේ දී පසුගිය දා සිදු කෙරිණි. සාමාජිකයන් දස දහසක පමණ ප්‍රමාණයකින් සැදුම්ලත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, ශ්‍රී ලංකාවේ සියලු විද්‍යාඥයින්ගේ ප්‍රධානතම සංවිධානය වන අතර මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය එම සංගමයේ 79 වන සභාපතිනිය වේ. මෙම අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ටියුලි ද සිල්වා යන මහත්වරුන්, විද්‍යාභිවර්ධන සංගමයේ සමාජිකයින්, විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




පුවත් සහ සිදුවීම්
- Launch of the First Workshop under the India–Sri Lanka Joint Workshop Programme 2024
- පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් වී - ප්‍රමිති (V-Pramithi) ජාතික වැඩසටහන ආරම්භ කෙරේ
- සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්
- ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන යටතේ පර්යේෂණ 16 ක් සහ වැඩමුළු 22 ක් සඳහා ගිවිසුම්ගත වීම සිදු කෙරේ.




