විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
අප රටේ සාමාන්‍ය පොදු ජනතාවට එතරම් සමීප නොවන විෂය ක්ෂේත්රයක් වන විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය සරල සහ සැහැල්ලු ලෙස සමීප කරවීම අරමුණු කරගනිමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය - ශිල්ප සේනා වැඩසටහනේ පළමු ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී ජූලි මස 18 වන දින ආරම්භ වී 21 වන දින දක්වා පැවැත්වේ.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිළිබඳ යුරෝපීය සංවිධානය අතර අත්සන් කරන ලද ජාත්‍යන්තර සහයෝගීතා ගිවිසුමට අනුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් චින්තක එස් ලොකුහෙට්ටි මහතා 2019 ජුනි 16-17 දින ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි සර්න් ආයතනයට පැමිණියේය.
ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්රයට පිවිසීම සනිටුහන් කරමින් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී (Kyushu Technical Institute) නිර්මාණය කළ, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබූ රාවණ-1 නැනෝ චන්ද්‍රිකාව ජුනි මස 17 දින (අද දින) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදුවිය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා පත්කර තිබේ.
පුවත් සහ සිදුවීම්
- Launch of the First Workshop under the India–Sri Lanka Joint Workshop Programme 2024
- පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් වී - ප්‍රමිති (V-Pramithi) ජාතික වැඩසටහන ආරම්භ කෙරේ
- සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්
- ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන යටතේ පර්යේෂණ 16 ක් සහ වැඩමුළු 22 ක් සඳහා ගිවිසුම්ගත වීම සිදු කෙරේ.






