විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධ ආයතන වන ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයට (නර්ඩ් මධ්‍යස්ථානයට) සහ කාර්මික තාක්ෂණ ආයතනයට නව සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (14 දින) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය (CERN), රුහුණු සහ කොළඹ විශ්ව විද්‍යාල සමග එක්ව සංවිධාන කරන අධිශක්ති භෞතික විද්‍යා උපකරණ වල අනාවරණ තාක්ෂණයන් සහ යෙදවුම් පිළිබඳ දකුණු ආසියානු වැඩමුළුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ විය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව පිහිටුවාගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ පළමු සමාජ නවෝත්පාදන පර්යේණාගාරය වන සිට්ට්රා පර්යේෂණාගාරය නිල වශයෙන් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද දින (13) කොළඹ ගෝල් ෆේස් හෝටලයේ දී සිදුවිය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ දැනුම සමාජය තුළ ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ශිල්ප සේනා වැඩසටහනට ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාල සක්‍රීයව දායක කර ගැනීමට නියමිත අතර, ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විණි.
විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධ ආයතන සඳහා නව සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (06 දින) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.
පුවත් සහ සිදුවීම්
- Launch of the First Workshop under the India–Sri Lanka Joint Workshop Programme 2024
- පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් වී - ප්‍රමිති (V-Pramithi) ජාතික වැඩසටහන ආරම්භ කෙරේ
- සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්
- ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන යටතේ පර්යේෂණ 16 ක් සහ වැඩමුළු 22 ක් සඳහා ගිවිසුම්ගත වීම සිදු කෙරේ.









