image 1 cmවිද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ මහනුවර උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මෑතකදී මහනුවර දිස්ත්‍රික්කයේ ඉපැරැණි රජ මහා විහාරයන්හි විහාරාධිපති හිමිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. මල්වත්ත පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධර්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීම මහනුවර පුෂ්පදාන ශාලාවේදී පවත්වනු ලැබීය. එහිදී පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කරන ලෙස උන් වහන්සේලා අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින ලදී. පුරාවිද්‍යා පනතේ ඇතැම් වගන්ති හේතුවෙන් තම විහාරස්ථානවල සංවර්ධන කටයුතු සිදු කිරීමේදී තමන් ඉමහත් දුෂ්කරතාවන්ට මුහණ පා ඇති බවට උන්වහ‍න්සේලා එහිදී කරුණු පෙන්වා දෙන ලදී.

මෙම රැස්වීමේ මූලික අරමුණ වූයේ එම විහාරවල පවතින පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු අංග සංරක්ෂණය කිරීම මෙන්ම ඒවායේ සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇති ගැටලු සාකච්ඡා කිරිමය.image 2 cm ‍එකී විහාරස්ථානයන්හි පුරාවිද්‍යා වටිනාකමින් යුතු අංග ක්‍රමානුකූලව හා කඩිනමින් සංවර්ධනය කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. එකී ක්‍රියාකාරකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය අරමුදල් අප්‍රමාදව ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

IMG 7587ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නව අධ්‍යක්ෂක තුමා ලෙස මහාචාර්ය සමන් සෙනවීර මහතා මේ මස (ජූනි) 04 දින වැඩ බාරගන්නා ලදි. ඕස්ට්‍රේලියාවේ සදර්න් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යාව පිළිබද මහාචාර්ය වරයෙකු වන ඒ මහතා, ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකාවේ රුහුණු විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය වරයෙකු ලෙස ද සේවය කරයි. වසර 1990 සිට 1992 දක්වා කාලය තුල මූලික අධ්‍යයන ආයතනයේ කණිෂ්ඨ පර්යේෂණ සහකාරවරයෙකු ලෙස සේවය කල මහාචාර්ය සමන් සෙනවීර මහතා, දක්ෂ විද්‍යාඥයෙකු වීමට පුහුණු වූ ස්ථානය වන ජාතික මූලික අධ්‍යයන ආයතනය තවතවත් ඉහලට එසවීටම ඇති උනන්දුව නිසාම ඔහු ඕස්ට්‍රේලියාවේ සියලු පහසුකම් සහිත පරිසරය අතහැරදමා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මහාචාර්ය සමන් සෙනවීර මහතාට වසර 25 කට අධික කාලයක ජපානය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය වැනි රටවල ඉගැන්වීම්, පර්යේෂණ සහ මානව සම්පත් පරිපාලනය පිළිබද අත්දැකීම් ඇත.

මහාචාර්ය සමන් සෙනවීර මහතාගේ පර්යේෂණ ක්ෂේත්‍ර වන්නේ කෘෂි භෝග සහ තෘණ ශාක කෙරෙහි කාලගුණික විපර්යාස වල බලපෑම අධ්‍යනය කිරීම සහ කාලගුණික විපර්යාස අවම කිරීමට අනුවර්ථන උපායමාර්ග වැඩිදියුණු කිරීමයි. ඔහු සතුව පර්යේෂණ පත්‍රිකා 200 කට අධික ප්‍රමාණයක් ඇති අතර ඉන් 70 ක්ම නේචර් (Nature) සහ සයන්ස් (Science) වැනි, විද්‍යා උපහැරණ අනුක්‍රමනිකාව (SCI Journals) තුල නිර්දේශිත පර්යේෂණ සගරා තුල පළවී ඇත. තවද එම මහතාගේ පර්යේෂණ පත්‍රිකා වලින් 80% ක් පමණ ම පළවී ඇත්තේ ඉහල කාණ්ඩයේ පර්යේෂණ සගරා වල වීමද සුවිශේෂි වේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධූරයට අභිනවයෙන් පත් වූ ආචාර්ය සරත් අමුණුගම මහතා  පසුගිය 16 වන දින උදෑසන බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේ දී,  සිය ධූරයේ රාජකාරි කටයුතු නිළ වශයෙන් ආරම්භ කළේය. අමාත්‍යාංශ නිලධාරීන්, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

sarath amunugama

DSC 8136විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමයන් පිලිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගිය ජුනි 08 වැනිදා NSBM හරිත සරසවියට පැමිණියේය.

NSBM ආයතනයේ නව සභාපති පී. රණේපුර මහතා හා උප කුලපති ආචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා විසින් අමාත්‍යවරයා පිළිගනු ලැබීය.  NSBM ශ්‍රවනාගාරයේදී කෙටි රැස්වීමක්ද පැවැත්වුනු අතර එහිදී ආචාර්ය. ඒ. වීරසිංහ විසින් NSBM ආයතනය ලබා ඇති ප්‍රගතිය ඉදිරිපත් කළේය. “චතුර් විධ මං පෙත්’ නම් වූ 21 වන සියවසට ගැලපෙන පරිදි පාසල් සිසුන්ගේ කුසලතා සංවර්ධනය පිලිබඳ වූ NSBM හරිත සරසවියේ වැඩ පිළිවෙලද මෙහිදී ඉදිරිපත් කරන ලදී.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා විසින් NSBM ආයතනයේ තොරතුරු තාක්ෂණ, පර්යේෂණ හා සංවර්ධන හා ව්‍යාපාර රැකබලාගෙන වර්ධනය කරන මධ්‍යස්ථානය (Incubator)ද විවෘත කරන ලදී. 99X Technology Limited, Omobio Private Limited සහ Creative Technology Solution Private Limited යන ආයතන ද එදිනම මෙම මධ්‍යස්ථානයේ සිය කටයුතු ඇරඹීය.

මෙහිදී NSBM උපාධි අපේක්ෂකයන්ගේ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් NSBM ආයතනය විසින් වරලත් කළමනාකර ගණකාධිකාරීවරුන්ගේ ආයතනය හා ACCA ආයතනය සමග අත්සන් තබන ලදී.DSC 8197

ගරු අමාත්‍ය ආචාර්ය අමුණුගම විසින් ආයතනයේ සේවාවන් පිලිබඳ සිය ප්‍රසාදය හා කෘතවේදත්වය ප්‍රකාශ කළ අතර මේ විශේෂ අවස්ථාව උත්සවාකරව සමරනුවස් රුක් රෝපණ වැඩ සටහනකටද සහභාගී විය.

විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමයන් පිලිබඳ අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර මහත්මිය, NSBM ආයතයේ නියෝජ්‍ය උපකුලපති චමින්ද රත්නායක මහතා සහ ආයතනයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම අනෙකුත් විශේෂ අමුත්තන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ උදය. ආර් සෙනෙවිරත්න මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා ලදි. වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරමින් විශාල පළපුරුද්දක් හා අත්දැකිම් බහුල නිලධාරියෙකු වු ඒ මහතා මීට පෙර ක්‍රීඩා, මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන වැනි අමාත්‍යාංශ වලද ස්ථිර ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබේ.
 
පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනය පිහිටුවීමෙහිලා මූලිකත්වය ගෙන  කටයුතු කළ සෙනෙවිරත්න මහතා සිය සේවා කාලය තුළ ඒ හා සමාන දැවැන්ත රාජ්‍ය ව්‍යාපෘති රෑසක් සඳහා නායකත්වය ලබා දී තිබේ.
 
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ රාජකාරී කළ කෙටි කාලවකවානුවේ දී රටේ සංවර්ධනය වෙනුවෙන්  විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා වූ සුවීශේෂී ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීම සඳහාද ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.
 
ශ්‍රී ලංකා මාතාවට දීර්ඝ කාලයක් සිය ශ්‍රමය, දැනුම කැපකර විශ්‍රාම ගිය උදය. ආර්. සෙනෙවිරත්න මැතිතුමාට මින් ඉදිරියටත් රටට වැඩදායි සේවයක් කිරිමට අවශ්‍ය ශක්තිය ධෛර්ය හා නිරෝගි සුවය ලැබේවායි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සුබ පැතුම් එක් කරයි.

 

image3 image4