01BIMSTEC තාක්ෂණ පැවරුම් පහසුකම ස්ථාපනය කිරීම පිළිබඳ සිව්වන විශේෂඥ කණ්ඩායම් හමුව නොවැම්බර් මස 21-22 දක්වා කොළඹදී පැවැත්විණි. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු මෙම හමුවේ සමාරම්භය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

01

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් නොවැම්බර් 10-17 දක්වා කාලය තුළ ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. “ගෝලීය අවබෝධය සඳහා විද්‍යාව” තේමාව යටතේ ලෝක විද්‍යා දින සැමරුම වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති විද්‍යා සතිය තුළ අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන වල මෙහෙයවීමෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය ඉලක්ක කර ගත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.

image 01 unctadශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ප්‍රතිපත්ති විශ්ලේෂණය සහ අදාළ තාක්ෂණික සහයත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ උපාය මාර්ග සම්බන්ධවත් වෙළඳ හා සංවර්ධන කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවට සහය දක්වන බවට UNCTAD ආයතනයේ මහලේකම් මුකීෂා කිටුයි විසින් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට සහතික කොට ඇත.

DSC 2377නොවැම්බර් 10 දිනට යෙදෙන ලෝක විද්‍යා දිනය සැමරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය නොවැම්බර් 10 -17 දක්වා කාලය තුළ විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික විද්‍යා සතියේ සමාරම්භය සනිටුහන් කරමින්, “ගෝලීය අවබෝධය සඳහා විද්‍යාව” තේමාව යටතේ ලෝක විද්‍යා දින සැමරුම් ප්‍රධාන උළෙල විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්විණි. විද්‍යා දින සැමරුම් ප්‍රධාන උළෙල, පාසල් අධ්‍යාපනය තුළ විද්‍යාව හා තාක්ෂණය පුළුල් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් පාසල් සිසුන් සඳහා වෙන් කර තිබීම විශේෂත්වයක් විය. මේ සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1200ක පිරිසක් සහභාගී වී සිටියහ.

vhk 1විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය සංවිධාන කරන විදාතා හරිත කඩමණ්ඩිය - 2017 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අලෙවි ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 26 පෙරවරවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී ආරම්භ විය.