පුවත් සහ සිදුවීම්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය
"CIO Tech Marathon 2026" තාක්ෂණික මැරතන් තරඟය සාර්ථකව නිමාවිය
ශ්‍රී ලංකාව ප්‍රථම වරට සත්කාරකත්වය සපයන ලෝක CIO 200 සමුළුව - 2026 මහා අවසන් මහා තරගයේ (World CIO 200 Grand Finale 2026) සමාරම්භය සනිටුහන් කරමින් පළමු විශේෂාංගය ලෙස "CIO Tech Marathon 2026" තරඟය 2026 සැප්තැම්බර් 22 දින පස්වරුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ නිදහස් චතුරස්‍රය පරිශ්‍රය අසලින් ආරම්භ විය.
ලොව පුරා රටවල් 50ක් නියෝජනය කරමින් තරඟකරුවන් විශාල පිරිසක් මෙම තරගය සඳහා එක්ව සිටි අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ශ්‍රී ලංකා තානාපතිනිය ආචාර්ය අරුෂා කුරේ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර, Global Enterprise Connect හි ප්‍රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ රොනැක් සමන්තරායි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සමාරම්භක අවස්ථාවට එක් වූහ







නව විද්‍යා හා තාක්ෂණ ලේකම් රාජකාරි අරඹයි...
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයට පත් කෙරුණු ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය සෙත්සිරිපාය පිහිටි අමාත්‍යාංශයේ දී විද්‍යා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඉදිරිපිට දී සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළාය.
නීතිය පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය ලේකම් ධූරයට පත් කෙරෙන විට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ) තනතුරේ රාජකාරි සිදු කළාය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇය, ඩිජිටල් පරිවර්තන වැඩසටහන් ඇතුළුව ප්‍රධාන නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ කටයුතු රැසකට නායකත්වය දී තිබේ.
ආචාර්ය දිසානායක මහත්මියගේ අන්තර්විෂයීය අධ්‍යාපනික පසුබිම නීතිය, රාජ්‍ය කළමනාකරණය, ජාත්‍යන්තර සබඳතා සහ විද්‍යාව යන ක්ෂේත්‍ර ආවරණය කරන අතර ඇය විසින් ශාස්ත්‍රීය ප්‍රකාශන රැසක් ද රචනා කර තිබේ. පරිපාලන නීතිය, පාරිසරික නීතිය සහ තිරසාර සංවර්ධන පාලනය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇයගේ ශාස්ත්‍රීය අවධානය යොමු වී ඇත.
ජාතික සහ ගෝලීය අභියෝග සඳහා විසඳුම් සපයා දෙමින්, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සමත් විද්‍යා හා තාක්ෂණ හා නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් නායකත්වය දීමට අභිනව ලේකම්තුමියට අමාත්‍යාංශයේ සුබ පැතුම්




Page 2 of 2
















www.accimt.ac.lk
www.nerdc.lk
www.nifs.ac.lk
www.nrc.gov.lk
www.nsf.gov.lk
www.slic.gov.lk
www.planetarium.gov.lk
www.nastec.gov.lk
www.slintec.lk
www.slibtec.gov.lk
www.iti.lk
www.slsi.lk