විදාතා මධ්‍යස්ථාන වලට අනුයුක්ත මුරකරු තනතුරේ ස්ථීර පත්වීම් ලබා 11 ශ්‍රේණියට උසස්වීම සඳහා සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් මේ සමඟ ඇති ආකෘතිය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් මගින් මෙම අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
ආවරණ ලිපිය
අයදුම්පත්‍ර ආතෘතිය
අධ්‍යක්ෂ (විදාතා)
2025.11.08
ප්‍රවෘත්ති නිවේදනය
ජාතික විද්‍යා සතිය 10 දා ඇරඹේ... විද්‍යාව ප්‍රචලිත කිරීමට සතිය පුරා වැඩසටහන් මාලාවක්...
"විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව" තේමා කරගනිමින් ජාතික විද්‍යා සතිය ලබන 10 දා ඇරඹීමට නියමිතය. මේ පිළිබඳ දැනුවත් කිරීමේි පූර්ව මාධ්‍ය සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විණි.
ලෝක විද්‍යා දින සැමරුම - 2025
යුනෙස්කෝ විධායක මණ්ඩලය 2001 වර්ෂයේ දී, සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස නොවැම්බර් 10 දිනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ප්‍රථම ලෝක විද්‍යා දිනය 2002 නොවැම්බර් 10 දින යුනිස්කෝ අනුග්‍රහය යටතේ ලොව පුරා සමරනු ලැබිණි.
ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය - 2025
ලෝක විද්‍යා දින සැමරුමෙන් පූර්වාදර්ශය ලබා ගනිමින් ශ්‍රී ලංකාවද 2004 වර්ෂයේ සිට සෑම වර්ෂයකම නොවැම්බර් දහය දිනට යෙදෙන ලෝක විද්‍යා දිනය සැමරීම සිදු කරන ලදී. 2017 වර්ෂයේ දී විශේෂ කැබිනට් තීරණයක් අනුව ජාතික විද්‍යා දිනයේ ඊට සමගාමීව ජාතික විද්‍යා සතියක් සැමරීමද ආරම්භ කෙරිණි. එතැන් සිට මේ දක්වා අඛණ්ඩව විද්‍යා හා තාක්ෂණ විෂය භාර අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික විද්‍යා දිනය උත්කර්ෂවත්ව සැමරීම සිදුකරයි.මෙහිදී එක් එක් වර්ෂය සඳහා කාලීන වශයෙන් වැදගත් තේමාවක් යොදා ගැනීම සිදුකරයි.
"විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව" යන්න තේමා කරගනිමින් මෙවර විද්‍යා දින සැමරීම නොවැම්බර් 10වන දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී පැවැත්වේ. නොවැම්බර් 10 - 14 දක්වා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනයන්හි මෙහෙයවීමෙන් ජාතික විද්‍යා සතිය ක්‍රියාත්මක කෙරේ.
ජාතික විද්‍යා දිනය සහ විද්‍යා සතිය සැමරීමේ අරමුණු
• තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට හැකි දැනුවත් සමාජයක් නිර්මාණය කිරීමට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යභාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
• සමාජ සංවර්ධනය උදෙසා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ භාවිතාවන් වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාවය ප්‍රවර්ධනයය කිරීම.
• දිළිඳු බව තුරන් කිරීමට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ලබාදීම.
• විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ මැදිහත්වීම සහ ජාතික සංවර්ධනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම යනාදියයි.
විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහල නැංවීම සහ මෙවර වැඩපිළිවෙළ
නවීන විද්‍යාවන් පර්යේෂණ සහ නවෝත්පාදන ඇතුළු ලොව නැගී එන තාක්ෂණික ධාරාවන් පිළිබඳ දැනුම හා අවබෝධය ව්‍යාප්ත කර ජනතාවට සමීප කරවීම මෙහිදී ඉතා වැදගත් වේ. ඒ සඳහා සමාජය තුළ විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහල නංවා ගැනීම ඉතා වැදගත් පියවරකි. ජාතික විද්‍යා දිනය සහ විද්‍යා සතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ එයයි.
වැඩිදුර තොරතුරු : ජාතික විද්‍යා සතිය 2025
නිත්‍ය සිල්වා
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්


National Hackathon-2025
Since 2015, the Department of Industrial Management, University of Kelaniya, has been organizing an annual Hackathon titled HackX. Over the past decade, this event has grown into one of the country's most recognized platforms for innovation, engaging students in leveraging technology to solve real-world challenges.
As the Ministry of Science and Technology, we are committed to the popularization of science across all segments of society. In this spirit, we are proud to extend our support to the 10th edition of HackX, which will be conducted in 2025 as a National Hackathon.
The event comprises two key categories:
- HackX Jr. – Designed for school students, encouraging early exposure to scientific inquiry and innovation.
- 2. HackX– Targeted at university undergraduates, promoting advanced technological problem-solving, teamwork, and entrepreneurship.
📝 Register Now: www.hackx.lk
📅 Deadline: 22nd of August 2025
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රජයේ පාසල්වල යොවුන් නව නිපැයුම් සමාජ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක පියවර ලෙස තෝරා ගත් පාසල් 100 ක යොවුන් නව නිපැයුම් සමාජ 100 ක් පිහිටුවීම ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද දින (08 ) කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයයේදි පැවැත්විණි.
දේශීය නවෝත්පාදන ක්‍රියාන්විතය බලගැන්වීමේ පියවරක් ලෙස, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් පාසල් දූ දරුවන්ගේ යොවුන් නිර්මාණශීලීත්වය දිරි ගැන්වීම හා නව නිපැයුම් ප්‍රවර්ධනය උදෙසා පාසල් පද්ධතිය තුළ නවමු මුහුණුවරකින් නව නිපැයුම් සමාජ පිහිටුවීම සිදු කෙරේ. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් මෙම වැඩසටහන මෙහෙයවීම සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සහ පළාත් ආවරණය වන පරිදි මෙම පැසල් තෝරා ගෙන තිබේ.
එදිනෙදා ජීවිතයේ හමු වන ගැටළු බාධක ලෙස නොසලකා ඒ සඳහා විසඳුම් අත්හදා බැලීමට දිරිගැන්වීමත්, පරිකල්පනය සහ නව නිපැයුම් අතර පරතරය පියවීමට මෙන්ම කුතුහලය නිර්මාණයක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සහත මග පෙන්වීම ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි.ලෝකයේ නව ප්‍රවණතාවන්ට අනුගත වන නව නිපැයුම් බිහිකිරීමට ශිෂ්‍ය ප්‍රජාව දිරිගැන්වීමත්, හුදෙක් නව නිපැයුම්කරණයට පමණක් සීමා නොවී වාණිජමය අගය දක්වා මෙම පාසල් නව නිපැයුම් ඔසවා තැබීමට අවශ්‍ය පියවර ගැනීමටත් අමාත්‍යාංශය අරමුණු කරයි.
මූලික අදියරේ දී මෙම නව නිපැයුම් සමාජ විසින් සමාජය තුළ පවතින ගැටළුවකට විසදුමක් ලබාදෙන හා දේශීය ආර්ථිකයට දායකත්වයක් ලබාදෙනු ලබන නව නිපැයුම් හා නවෝත්පාදන සබැඳි යෝජනාවන් සඳහා රු.50,000.00 මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර ඇත. එහිදී ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා මූල්‍ය ප්‍රදානයන් නිදහස් කරනු ලබන අතර නව නිපැයුම් සමාජ විධිමත්ව පවත්වාගෙන යාම සඳහා එහි ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය ඇගයීමටත් අදාල සහයෝගයන් ලබා දීමද සිදු කෙරේ. මේ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් සේවය කරන කරනු ලබන විද්‍යා හා තාක්ෂණ නිලධාරීන්ගේ සේවය ලබා දීමටත් බලාපොරොත්තු වේ.
මෙහි දී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා මෙසේ පැවසීය.
“ලෝකය විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් හරහා වේගයෙන් ගමන් කරන පසුබිමක අපේ ශ්‍රේෂ්ඨතම වත්කම වන පාසල් දරුවන් ප්‍රමුඛ තරුණ පරපුර සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව රජය විසින් හදුනාගෙන තියනවා. අප අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පාසල් පද්ධතිය තුළ මේ වන විටත් STEM අධ්‍යාපනය ප්‍රචලිත කිරීමටත්, විද්‍යා සමාජ පිහිටුවීම සිදු කරනවා. ඉන් ඉදිරියට ගිය තවත් පියවරක් ලෙස අපගේ පාසල් පද්ධතිය තුළින් නිර්මාණශීලී දරුපරපුරක් බිහිකිරීමටත්, නව නිපැයුම්කරණයට යොමුවීමට දරුවන්ට අවස්ථාවක් ලබා දීමටත්, පන්තිකාමරයේ දැනුමට පිටින් වූ පුළුල් දැනුම් සම්භාරයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් යොවුන් නව නිපැයුම් සමාජ 100ක් මේ වසරේ ස්ථාපිත කළා. ඉදිරි වර්ෂයේ දී 6 ශ්‍රේණියේ සිට ඉහල ශ්‍රේණි ඇති සියළු පැසල් සඳහා මෙම වැඩසටහන තවත් පුළුල් කිරීම සිදු කරනවා.”
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මෙහොමඩ් නවවි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය වෙරංජ කරුණාරත්න යන මහත්වරුන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, විද්‍යාඥයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.













